ඇමසන් ගින්න පාලනයට ජී හත රටවල ආධාර ලබානොගන්නා බව බ්‍රසීලය ප්‍රකාශ කළා.
යුරෝ මිලියන 18 ක මුදලක් මුලික අදියරේදී නිදහස් කරන බවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප්‍රකාශ කළේ. ඇමරිකා ඩොලර් මිලියන 40 කට වැඩි මුදලක් ගින්න පාලනය සදහා ලබාදීමට ජී හත සමුළු නායකයන් තීරණය කළා. එහෙත් එය ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවයි බ්‍රසීලය පවසන්නේ.
ප්‍රංශය තවමත් බ්‍රසීලය තමන්ගේ ජනපදයක් ලෙසට සලකා කටයුතු කරන බවයි බ්‍රසීල ජනාධිපතිවරයා සදහන් කළේ. එම මුදල යුරෝපයේ වනාන්තර ඇතිකිරිම සදහා යොදාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. මේවන විටත් ගින්න නිවාදැමීම සදහා බ්‍රසීලය සෙබලුන් හතලිස් හතර දහසක් යොදවා තිබෙනවා.