fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෑලියගොඩ ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:22

පෑලියගොඩ ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි

සුහුරු ජනහිතකාමී නගර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පෑලියගොඩ ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි එම කටයුතු සිදුකරන්නේ.

ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන එක්දහස් පන්සියයක්. ලබන වසර අවසන් වීමට පෙර ඉදිකිරීම් නිම කිරීම සැලසුමයි. සම්පූර්ණයෙන්ම දේශීය තාක්‍ෂණයට අනුව සැලසුම් කර මෙරට ඉදිකෙරෙන ප්‍රථම පොම්පාගාර ව්‍යාපෘතිය ද මෙයයි. මේ තුළින් තත්පරයකට ඝන මීටර 30 ක ධාරිතාවකින් ජලය පොම්ප කිරීමේ හැකියාව පවතිනවා. ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරුන්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්