ශ්රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජයගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්රහණයත් සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස සම වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළා. සිය පළමු ඉනිම ක්රිඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවි ලකුණු 431ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ටොම් ලේතම් ලකුණු 154ක් ලබා ගත්තා. කොලින් ඩී ග්රෑන්ඩ්හෝම්,වොට්ලින් සමඟ එක්ව ගොඩනැගු සාර්ථක සබදතාව නවසීලන්තය ප්රබල ස්ථානයකට රැගෙන ආවා. දෙවන ඉනිම ක්රිඩා කිරිමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 32ක් තුළදී බිද වැටුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 51යි. අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු විස්සේ සීමාව පසු කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.තරගයේ වීරයා බවට පත් වුයේ ටොම් ලේතම්. බී. ජේ වොට්ලින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.