සටන් පාඨවලින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මුතූර් ප්‍රදේශයේ මාර්ග 124 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ග්‍රාමීය ප්‍රදේශ නගර සමඟ යා කරන අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේයි මෙය සිදු කෙරුණේ. දිවයින පුරා කිලෝමීටර් 1180 ක මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 1700 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/lYUm8M4beMw”]