අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදවා කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට එංගලනත්තය සමත් වුණා.
ලිඩ්ස්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 179යි. එංගලන්ත කන්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 67ක් පමණයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය වසර 71කට පසුව වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව මෙය ලෙසයි වාර්තා අතරට එක් වුණේ. ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 246ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 359ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 09ක් දැවි එම ජයග්රාහි ඉලක්කය පසු කළා.