ශ්‍රී‍්‍ර ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.
පළමු ඉනිම කී‍්‍රඩා කරමින් සිටින නවසීලන්තය ඊයේ දිනය අවසන් වන විට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 382ක්. කඩුලු පහක් බිඳවැටුණා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොම් ලැතම් ලකුණු 154 යි. ලකුණු 81ක් ලබාගත් බීජේ වොට්ලින් සහ ලකුණු 83ක් ලබාගත් කොලින් ඩි ග්‍රැන්ඩෝම් නොදැවි කි‍්‍රඩා කරමින් සිටිනවා. ඊයේ දිනය අවසන් වන විට කඩුලු පහක් අතැතිව නවසීලන්තය ලකුණු 138 ක් ඉදිරියෙන් සිටියා.
පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවි ශ්‍රී‍්‍ර ලංකාව රැස්කළේ ලකුණු 244 ක්. ධනංජය සිල්වා ශතකයක් ලබාගත්තා.