හංවැල්ල ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව ඝාතනයට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. හංවැල්ල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යායලය පවසන්නේ.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 09.30 ත් 10 ත් අතර කාලයේ පැමිණි දෙදෙනෙකු මෙම ඝතන සිදු කර තිබුණා. මුහුණු ආවරණය කර හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තබා තිබුණේ එම නිවසේ හිමිකරුට සහ ඔහුගේ රියදුරුටයි.එම වෙඩි ප්‍රහාරවලින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_TkBc28OTUw”]