නවසීලන්තය සමග පැවැත්විමට නියමිත පුහුණු පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගය සදහා වන ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
ක්රිඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ අශාන් ප්රියන්ජන්ටයි. නවසීලන්තයට එරෙහි පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා නම් කළ ශ්රී ලංකා සංචිතයේ ක්රිඩකයින් කිහිපදෙනෙකු සභාපතිවරයාගේ සංචිතයට ද ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන පුහුණු තරගය ලබන 29 වනදා කටුනායකදී පැවැත්විමට නියමිතයි.