fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇවිලෙමින් තිබෙන පෘථිවියේ පෙනහලු [Photo/Video]

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 17:34

ඇවිලෙමින් තිබෙන පෘථිවියේ පෙනහලු [Photo/Video]

ගින්නට හසුව දැවෙමින් පවතින ඇමසන් වනාන්තරයේ ඛේදනීය ඡායරූප රැසක් නාසා ආයතනය පළ කර තිබෙනවා.

අභ්‍යවකාශයේ සිට ලබා ගත් මෙම චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනී ගොස් ඇත්තේ වන සම්පත ඉතා විශාල වශයෙන් විනාශයට පත්ව ඇති බවයි. ඇමසන් නිම්නයේ විශාල ප්‍රදේශයක් ගින්නෙන් හානියට ලක්ව තිබෙනවා. මෙම ප්‍රදේශවල මිලියන විස්සක පමණ ජනතාවක් ජීවත්වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. නාසා ආයතනයේ කර ඇති පර්යේෂණවලට අනුව පෙනී ගොස් ඇත්තේ පරිසරයේ කාබන් මොනොක්සයිඩ් පරිමාව ද විශාල වශයෙන් වර්ධනය වී ඇති බවයි. පෘථිවියේ පෙනහළු ලෙස හැදින්වෙන ඇමසන් වනය මගින් මෙලොව ජීවය පවත්වාගැනීම සදහා අවශ්‍යකරන ඔක්සිජන්වලින් සියයට විස්සක් නිශ්පාදනය කෙරෙනවා. මෙම ගිනි තැබීම් පිටුපස ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමට සූදානම්වූ පිරිසක් සිටින බවයි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සදහන් කරන්නේ. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ ගත්තද තවමත් ඇතැම් ප්‍රදේශවල ගිනි ගැනීම් සිදුවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. නාසා ආයතනය නිකුත් කළ දත්ත අනුව ගින්න නිසා සෑම මිනිත්තුවකදීම ඇමසන් වනයෙන් පාපන්දු පිටි එකහමාරක පමණ වනාන්තර ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනය නිසා ගෝලීය උණුසුම ඉහල යාම ද පාලනය වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්