වරාය සම්මාන රාත්‍රිය ලබන 30 වනදා
Related Articles
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පර්යන්ත කිහිපයක් එක්ව සංවිධාන කරන කොළඹ වරාය සම්මාන රාත්‍රිය 2019 ලබන 30 වනදා පැවැත්වෙනවා.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත මෙම සම්මාන රාත්රියේදී වරාය ක්ෂේත්රයේ සංවර්ධනයක් වෙනුවෙන් දායකත්වය දැක්වූ පාර්ශ්වය සදහා සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. ප්‍රධාන නෞකා ජාල 05 ක් සහ පෝෂණ නෞකාජාල 05 ක් ක්‍රියාත්මක කළ වැඩසටහන් පදනම් කර ගනිමිනුයි මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරෙන්නේ. ජාත්‍යන්තර දර්ශකවලට අනුව කොළඹ වරාය මේ වන විට ලොව හොදම බහාලු වරායන් අතරන් 22 වන ස්ථානයට පත්ව තිබෙනවා. එසේම ලොව හොදම ජාල ගත වරායන් අතර 13 වන ස්ථානයේ සිටින්නේද කොළඹ වරායයි.