fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 15:31

ඉන්දිය – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වෙයි

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත් වුණා. ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ඉන්දිය කන්ඩායම කඩුලු 03ක් දැවී ලකුනු 185ක් ලබා සිටියා.

ඇන්ටිගුවාහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 297ක් රැස් කළා. සිය පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට  සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 222ක් පමණයි. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 39යි. රොස්ටන් චේස් ලකුණු 48ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ඉන්දිය කණ්ඩායමේ ඉෂාන්ට් ෂර්මා කඩුලු 05ක් බිද හෙලුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 15:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්