එංගලන්ත ප්රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ආසනල් කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල තුනට එකක් ලෙස ජයග්රහණය කිරිමට ලීවර්පුල් කණ්ඩායම සමත් වුනා.
එංගලන්තයේ ඇන්ෆීල්ඩ් ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධයේ ලිවර්පුල් ක්රීඩක මැටිප් තලිස් එක්වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කළා. එම අර්ධයේදී ආසනල් ක්රිඩකයින්ට ලකුණු ලබා ගැනිමට හැකි වුයේ නැහැ. දෙවන අර්ධයේ ආක්රමණශිලි තරග රටාවක නිරත වූ මොහොමඩ් සලාහ් හතලිස් නවවන සහ පනස් අටවන විනාඩියේදී ගෝල දෙකක් ලබා ගැනිමට සමත් වුණා. දෙවන අර්ධයේ අසුනව වන විනාඩියේදී ටොරෙයිරා ආසනල් කණ්ඩායම වෙනුවෙන් එක් ගෝලයක් වාර්තා කළා.