fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුර – දකුණ යාකරන සංහිඳියාවේ ජලාශය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:13

උතුර – දකුණ යාකරන සංහිඳියාවේ ජලාශය

මල්වතු ඔය හරස්කොට ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතිය  ඉදිකිරීම සඳහා  මුලගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා.

අනුරාධපුර ,වවුනියාව, මන්නාරම , ජන හදවත් යාකෙරෙන සංහිදියාවේ රන් දියවර වන තන්තිරිමලේ ජලාශය පහල මල්වතු ඔය හරස් කරමින් අනුරාධපුරයේ ඉදිවන විශාලතම ජලාශයයි. වසර 60 ක කාලයක් තුළ වැව් බැදි රාජ්‍යයේ ජනතාවගේ සිහිනය යථාර්ථයක් බවට පත්වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු සමස්ථ ආයෝජනය රුපියල් කෝටි 2290 ක්. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිකෙරෙන මෙම ජලාශයෙන්  වඩාත් අර්ථවත් හෙට දවසක් උදාකර දීම රජයේ අපේක්ෂාවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම  මැතිඇමතිවරුන් විශාල පිරිසක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම සිදු කළා. මෙම දැවැන්ත වාරි ව්‍යාපෘතිය වසර තුනක් තුළ ජනතාවට දායාද කිරීම සිදුවනු ඇති. උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේ, මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්