හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පොලිස් වසමේ වැලි පාර අසළදීයි. ඔහු ළඟ තිබී භෙරොයින් ග්රෑම් 2 යි මිලිග්රෑම් 450 ක් සොයාගත්තා. අත්අඩංගුවට ගත් සැකකරු අද අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්රදේශයේදී ගංජා කිලෝග්රෑම් 9 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.