fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:17

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර තිබෙනවා. මහනුවර සිට ඇල්ල දක්වා ධාවනයවූ දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගලදී පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට ඊයේ පෙරවරුවේ සිට බාධා එල්ල වුණා.

දුම්රිය එන්ජිම ඇතුලු මැදිරි 4 ක් පීලිපැනීමට ලක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුවුණා. ඊයේ මධ්‍යම රාති‍්‍රය වනවිට මාර්ගය යථා තත්වයට පත්කර කොළඹ බදුල්ල තැපැල් දුම්රිය දෙක ධාවනය කිරීමට ද හැකිවූ බවයි ප‍්‍රධාන පාලක මැදිරිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්