ඇමරිසන් වනාන්තරයේ ලැව්ගිනිවලට එරෙහිව සටන් කරන ලෙස බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සනාරෝ සිය හමුදාවට නියෝග කර තිබෙනවා.
වන විනාශය වැලැක්වීමට ජනාධිපතිවරයා පියවර නොගත් බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ලවීමෙන් පසු ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නෙන් විනාශවන වනාන්තරය, ආදිවාසීන්ගේ භූමිය සහ දේශසීමා ආරක්ෂා කරන ලෙසයි බ්‍රසීල ජනාධිපතිවරයා ත්‍රිවිද හමුදාවට දැනුම් දෙන්නේ.
ඇමර්සන් වනාන්තරය ආරක්ෂා කිරිමට කටයුතු නොකළ හොත් බ්‍රසීලයට ආර්ථික ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවට රටවල් රැසක් අනතුරු ඇගවීම් නිකුත් කළා. වෙළෙද ගණුදෙනුවලට එක්නොවන බව ප්‍රංශය සහ අයර්ලන්තය ද ප්‍රකාශ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.