උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලවී ඇති බව දුම්රය පාලක මැදිරිය ප්රකාශ කළා.
ඒ මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ දුම්රියක් ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන අතරදී පිලි පැනීම හේතුවෙන්. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරුණා.
බදුල්ල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය ද ගමන් කරන්නේ නාවලපිටිය දක්වා පමණි. පීලි පැනීමට ලක්වූ දුම්රිය කඩිනමින් පීලිගත කිරිමට පියවර ගෙන තිබෙනවා. එතෙක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවනු ඇති බවයි පාලක මැදිරිය පෙන්වා දෙන්නේ.