fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“මෙරට සෑම පවුලකටම උසස් ජීවන මට්ටමක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා”

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 18:24

“මෙරට සෑම පවුලකටම උසස් ජීවන මට්ටමක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා”

මෙරට සෑම පවුලකටම උසස් ජීවන මට්ටමක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන 2 ක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

හම්බන්තොට සූරියවැය, වැදිවැව ඉදිකළ සිතුපියගම හා සහස්පත්ගම යන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

නිවාස 44 කින් සමන්විත මෙම ගම්මාන දෙකෙහි සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ද මීට සමගාමීව සංවිධාන කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්