හදිසි නීතිය දීර්ඝ නොකිරීම දැනට තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානවලට බලනොපාන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. හදිසි නීතිය ඉවත් කිරීමත් සමග ත්‍රස්ත සංවිධානවල තහනම ඉවත් වන බවට පළවූ ඇතැම් වාර්තා අසත්‍ය බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
ජාතික තවුහිද් ජමාද් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා සකස් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි. එම නියෝගය 2019 අංක එක දරණ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝගය ලෙස හඳුන්වනවා. ඒ යටතේ ජාතික ආරක්ෂාව, මහජන සාමය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් අදාළ සංවිධාන නිශ්චිතවම හඳුනාගෙන තහනම් කර තිබෙනවා.
එබැවින් හදිසි නීතිය දීර්ඝ නොකිරීම මෙම සංවිධාන තහනම් කිරීමට බලනොපාන බව එම නිවේදනය අවධාරණය කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් වූ සැණින් ත්‍රස්ත සංවිධානවල තහනම ඉවත් වන බවට සති අන්ත ජාතික පුවත්පතක ද වාර්තා පළ වී තිබුණා.
අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9Lh2QdSNZz0″]
මේ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා නිකුත් කර තිබෙනවා. දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ටම මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සදහායි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ. මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.
මහජන ආරක්ෂාව වෙනුවෙන් නිකුත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනය