නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ ශ්රී ලංකා සංචිතය අද (24) ප්රකාශයට පත් කළා.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රිඩකයින් 15 දෙනෙකු ඇතුලත්. උප නායකයා ලෙස කටයුත් කරන්නේ නිරෝෂන් දික්වැල්ලයි. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 01 වෙනිදා මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
සංචිතය සදහා ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තිසර පෙරේරා ද නම් කර නැහැ. පන්දු යැවිමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වී සිටින අකිල ධනංජය මෙම සංචිතයට නම් කර තිබෙනවා.
01. ලසිත් මාලිංග – නායක
02. නිරෝෂන් දික්වැල්ල – උප නායක
03.අවිශ්ක ප්රනාන්දු
04.කුසල් ජනිත් පෙරේරා
05.ධනුෂ්ක ගුණතිලක
06.කුසල් මෙන්ඩිස්
07.ෂෙහාන් ජයසූරිය
08.දසුන් ශානක
09.වනිඳු හසරංග
10.අකිල ධනංජය
11.ලක්ෂාන් සඳකැන්
12.ඉසුරු උදාන
13.කසුන් රජිත
14.ලහිරු කුමාර
15.ලහිරු මදුසංඛ