fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ති‍්‍රක් වැඩසටහන දෙවන දිනටත් සාර්ථකව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 15:58

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ති‍්‍රක් වැඩසටහන දෙවන දිනටත් සාර්ථකව

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මේ දිනවල යාපනයේ ක්‍රියාත්මකයි. එහි පළමු දිනයේදීම ප්‍රතිලාභීන් තුන්ලක්‍ෂ හැත්තෑ නවදහස් දෙසීය පහළොස් දෙනෙකුට සහන සැලසීමට හැකිවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක එය ක්‍රියාත්මක අතර ආරම්භක දිනය වූ ඊයේ (23) දිනයේ ව්‍යාපෘති 763ක් ක්‍රියාවට නැංවුණා. එමගින් ප්‍රතිලාභීන් තුන්ලක්‍ෂ හැත්තෑ නවදහස් දෙසීය පහළොස් දෙනෙකුට ප්‍රතිලාභ හිමිකර දුන් බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේදනායගම් මහතා සඳහන් කළේ.

මෙම සමස්ත වැඩසටහන නිමාවන විට ව්‍යාපෘති හාරදහසක් නිමකර ග්‍රාම සේවා වසම් 435 ක ජීවත් වන පවුල් එක්ලක්‍ෂ අනූපන්දහසකට සෙත සැලසීම රජයේ අරමුණයි.  ඊයේ (23)දිනයේ පැවති වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. දිස්ත්‍රික් ලේකම් එන් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ලබන 29 වනදා දක්වා  පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්