fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 244කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 12:48

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 244කට සීමා වෙයි

සංචාරක නවසිලන්තය සමග පැවැත්වෙන  දෙවන ‍ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 02ක් ලබා සිටි  ළහිරු තිරිමාන්න දැවි ගියා. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 29ක් ලෙස සටහන්ව තිබියදීයි. කුසල් මෙන්ඩිස් ලකුණු 32යි. ඊයේ (23) දිනට තරගය නතර කරන විට  ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවි ලකුණු 144ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 65යි. අද (24) තරගය ආරම්භ කරමින් පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ලකුණු 13ක් ලබා සිටියදී අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ දැවි ගියා.

සිය ටෙස්ට් දිවියේ පස්වන ශතකය වාර්තා කිරීමට ධනංජයද සිල්වා සමත් වු අතර ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් සමඟින් ලකුණු 109ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 04ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 03ක් බිඳ හෙළුවේය.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 12:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්