ඉන්දියාවේ වෙල්ලෝර් දිස්ති‍්‍රක්කයේ ආරක්ෂාව තරකර තිබෙනවා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් එරට බුද්ධි අංශ අනතුරු ඇඟවීමත් සමඟ.
ප්‍රදේශයට ඇතුලු වන සියලු වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමට ද ඉන්දීය පොලිසිය පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ වෙනුවෙන් පොලිස් නිලධාරින් 300 කට අධික පිරිසක් යොදවා තිබෙනවා.
පොලිස් නිල සුනඛ බලකාය සහ පුපුරනද්‍රව්‍ය හදුනා ගැනීමේ ඒකක මෙන්ම බෝම්බ නිශ්කී‍්‍රය අංශ ද ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අනුයුක්ත කර තිබෙනවා. ආගමික සිද්ධස්ථාන, දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් පර්යන්ත ආශි‍්‍රතව වැඩි අවධානයක් යොමුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.