fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයේ සේවා තුනක නිලධාරීන්ට විශ්‍රාම ගැනීම සඳහා අවසර දීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:40

අධ්‍යාපනයේ සේවා තුනක නිලධාරීන්ට විශ්‍රාම ගැනීම සඳහා අවසර දීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන,  ගුරු අධ්‍යාපන හා විදුහල්පති යන සේවා තුනෙහි නිලධාරින්ට විශ්‍රාම ලබා ගැනිම  සදහා අවසර දීමට රාජ්‍ය සේවා කොමිසම සතුව පැවති බලතල එම කොමිසම මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී තිබෙනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම බලය පැවරීම සිදු කෙරුණා. විශ්‍රාම ලිපි ගොනු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුවන ප්‍රමාද දෝශයන් සළකා බැලීමෙන් අනතුරුවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ.

විනය කරුණු හා වෙනත් ගැටලු සහිත නිලධාරින් හැර සාමාන්‍ය ක්‍රමය යටතේ නියමිත දිනයේ දී විශ්‍රාම ලබා ගැනිමට ඉල්ලුම්කර ඇති නිළධාරින්ට අවසර ලබාදීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට බලය පැවරී තිබෙනවා. විශ්‍රාම ලබා ගැනිමට අපෙක්ෂිත නිළධාරින් මාස හයකට පෙර සිය අංගසම්පුර්ණ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර විශ්‍රාම ගැනිමට අපේක්ෂිත ජාතික හා පළාත් පාසල් ගුරුවරුන් සිය විශ්‍රාම අයදුම්පත් පළාත් අධ්‍යාපන කාර්යාල වෙත යොමු යුතු වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්