දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ තුන්වන සැසිය ලබන මස දෙවෙනිදා සහ තුන්වෙනිදා කොළඹදී පැවැත්වෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසුරිය මහතාගේ සහ දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. කලාපයේ රටවල වෙසෙන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමයි එහි අරමුණ. ඒ අනුව බාලවයස්කාර දරුවන් බලහත්කාරයෙන් විවාහකරවීම නැවැත්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතයි.
ළමයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සබඳතා පහසු කරවන ආකාරයෙන් සේවා සැපයීමට හැකි අන්තර්ජාලගත ළමා පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට ද එහිදී සැලසුම් කර තිබෙනවා. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් දකුණු ආසියාතික රටවල් ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබදව ද එහිදී අවධානය යොමුකිරීමටයි නියමිත.