fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමර්සන් ලැව්ගින්න පාලනයට බ‍්‍රසීලය ති‍්‍රවිද හමුදාව යොදවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:10

ඇමර්සන් ලැව්ගින්න පාලනයට බ‍්‍රසීලය ති‍්‍රවිද හමුදාව යොදවයි

ඇමර්සන් වනාන්තරයේ ව්‍යාප්තව ඇති ගින්න මැඩපැවැත්වීම සඳහා ලෝක නායකයන් බ‍්‍රසීලයට බලපෑම් කර තිබෙනවා.

ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, ජර්මනිය ඇතුලු යුරෝපා බලවතුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද බ‍්‍රසීලයට බලපෑම් කර ඇති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ. ඒ අනුව ගින්න නිවාදැමීම සඳහා ති‍්‍රවිද හමුදාව යෙදවීමට බ‍්‍රසීලය තීරණය කර තිබෙනවා.

බ‍්‍රසීල පරිසර අමාත්‍යවරයා පරිසර සමුළුවකට සහභාගීවී සිටියදී ඔහුට විරෝධයක් ද එල්ලව තිබෙනවා. ඇමර්සන් වනාන්තරයට අත්ව ඇති ඉරණම පිළිබදව ලෝක පරිසරවේදීන් බ‍්‍රසීල ආණ්ඩුවට චෝදනා කරන බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය පවසන්නේ.

ලන්ඩන්, බර්ලිං, මුම්බායි සහ පැරිස් ඇතුලු ලොවපුරා බ‍්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට ද ගින්න මැඩපැවැත්වීම සඳහා බ‍්‍රසීලයට බලපෑම් කරමින් විරෝධතා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්