හදිසි නීතිය දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. එසේවුවද මහජන ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව ති‍්‍රවිධ හමුදාවේ ද සහය ලබාගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසන්නේ.
මේ අතර හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ති‍්‍රක්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂාව පනතෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල වලට අනුව. සියලු දිස්ති‍්‍රක්වල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහය ලබාගැනීමට ගැසට් නිවේදනය අනුව හැකියාව පවතිනවා.