fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 18:46

මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදි කීත්නොයාර් පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඔහු යුධ හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන්වරයෙක්. සැකකරු විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත. මෙම බුද්ධි අංශ මාණ්ඩලික සැරයන්වරයා 2008 වසරේ ජුනි මාසයේ දි මාධ්‍යවේදි නාමල් පෙරේරා පහරදිමේ සිද්ධියෙහි ද සැකකරුවෙක්.

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාලව මේ වන විට සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්