ණපුද්ගල චරිත අතර සිදු වූ මත ගැටුම් හේතුවෙන් යහපාලන රජයට ජනතාව වෙනුවෙන් කිරීමට තිබූ බොහෝ දේ ඉටුකළ නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ අද (23) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ බහුතර බලයක් නොමැති වුව ද වත්මන් රජය කෙටි කාලයක් තුළ ජනතාවට සහන සැලසීමට සමත් වූ බවයි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සදහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාවක් පළාත් පාලන මහජන නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
බදුල්ල, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්වල පළාත් පාලන මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9MxTsFThhCk”]