තද සුලං සහ රළු මුහුදු ප්‍රදේශ පිලිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ අද(23) පස්වරු 1.30 සිට හෙට පස්වරු 1.30 දක්වා.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවනවා. එම මුහුදු ප්‍රදේශ ද විටින්විට ඉතා රළුවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ. පුත්තලමේ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය ද පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
සෙසු මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය විටින්විට පැයට කිලෝමීටර 50 ක් දක්වා වැඩිවනවා. ගිගිුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය ද තාවකාලිකව වැඩිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවනවා. විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දුන්නේ.