fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 17:32

පළාත් සභා ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව මෙවර  පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද යන්න පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කර ඇති යොමුව සම්බන්ධ කරුණු විමසීම අද (23) අවසන් කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලුවිහාරේ, සිසිර ද  ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි මෙම යොමුව විභාගයට ගැනීම ආරම්භ කෙරුනේ. සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකි ද යන්න හා පළාත් සභා මැතිවරණය,  2017 වසරේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පෙර පැවති නීතිය අනුව පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබුණා.

මෙම යොමුව සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්වයන් 13ක් මැදිහත්කාර පෙත්සම් ගොනුකර තිබෙනවා. මැතිවරණයක් පැවැත්විමට නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් සංශෝධනයක් හෝ අලුතින් ගෙනෙන පනතක් සම්මත කිරීමෙන් පසුව පමණක් එය සිදු කළ හැකි බවයි නීතිපතිවරයා ඇතුලු පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අගෝස්තු 30 වනදාට පෙර ජනාධිපතිතුමා වෙත යොමු කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්