fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එස් ශ්‍රීසාන්ත්ට එරෙහි පනවා ඇති තරඟ තහනම ලිහිල් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 15:35

එස් ශ්‍රීසාන්ත්ට එරෙහි පනවා ඇති තරඟ තහනම ලිහිල් කෙරේ

ඉන්දිය වේගපන්දු යවන ක්‍රිඩක එස් ශ්‍රීසාන්ත්ට එරෙහිව ජිවිතාන්තය දක්වා පනවා ඇති තරග තහනම ලිහිල් කිරිමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2013 වසරේදී ශ්‍රීසාන්ත්ට එරෙහි පැනවුණු තරග තහනම වසර 07කට සීමා කිරිමටයි පියවර ගෙන ඇත්තේ. මෙම ලිහිල් කිරිමත් සමග ලබන වසරේ සැප්තැම්බර් මාසයේ සිට යළි ක්‍රිකට් ක්‍රිඩා කිරිමේ  අවස්ථාව ඔහුට හිමි වනවා.

2013 වසරේ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම් සිදු කළ බවට එල්ල වූ චෝදනා සනාථ වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබුණා.  කෙසේ වෙතත් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රීසාන්ත්ට එරෙහි තහනම ඉවත් කරමින් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන්නේ අදාළ දඩුවම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 15:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්