ටයිටැනික් නෞකාවේ නවතම ඡායාරූප සහ වීඩියෝ පෙළක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
ලෝකප්‍රකට ටයිටැනික් නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරමින් තිබියදී අයිස් පරයක ගැටීමෙන් අනතුර සිදුවුණේ 1912 අප්‍රේල් 14 වෙනිදා.
ඉන් පුද්ගලයන් 1517 දෙනෙකු මියගිය අතර, නෞකාව අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා. සාගර පතුලේ ඇති ටයිටැනික් නෞකාව පිළිබදව ගවේෂණය කළ කණ්ඩායමක් විශේෂිත කැමරා භාවිතයෙන් ලබාගත් දර්ශන සහ ඡායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.