ශ්රමබලකායේ වෘත්තීය සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නියෝෂ් ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන ප්රදානය කිරීමේ උත්සවය එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සම්මාන උත්සවය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණා. කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍යාංශයට අනුබද්ධ නියෝෂ් ආයතනය ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාවයේ දියුණුව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සිදුකරන ආයතනයකි. ආරක්ෂාව යනු ප්‍රමුඛතාවයක් නොව එය ප්‍රමුඛතාවය ඉක්මවායන ආයෝජනයක් යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උත්සවයේදී ප්‍රධාන අදියර තුනක් මත පදනම්ව සම්මාන ප්රදානය සිදුකළා.
මෙම අවස්ථාව කම්කරු හා වෘත්තීය සබදතා පුහුණු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KFN6q0CG_uY”]