මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වලට තවදුරටත් තද වැසි ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර සියය ඉක්මවූ තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ හේතුවෙන් කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ඉහළ යාහැකි බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.
අද (23) අලුයම වනවිට ජල ධාරිතාව සියයට 80 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ජල පෝෂක ප්‍රදේශ වලට වැසි ලැබීමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකට ළඟාවී තිබෙනවා.