රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලැබුවා. අම්බලන්ගොඩ සහ දඹුල්ල යන ප්රදේශවලදියි මෙම අනතුරු සිදුවුණේ.
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ බොරකන්ද ක්රීඩාංගනය ඉදිරිපිටදී යතුරු පැදියක් අධික වේගය පාලනය කර ගත නොහැකිව පෙරළිමෙන් එහි ගමන් ගත් දෙදෙනාම මියගියා. මෙසේ මිය ගියේ වතුගෙදර ප්රදේශයේ පදිංචිකරුවන් වන 33 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්. ඊයේ රාත්රී 11.20 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ අතර අද උදෑසන 6.00ට පමණ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පහත ප්රදේශයේදී බස් රථයක් පෙරළී 25 දෙනෙකු තුවාල ලැබුවා. ලංගම බස් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණී වෑන් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. වෑන් රථයේ සහ බස්රථයේ රියදුරු ඇතුළු තුවාල ලැබූ සියලු දෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා. වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. අනතුරත් සමග දඹුල්ල හබරන ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ලවුණා.