ඇමසන් වනාන්තරය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පවසනවා.
මෙය ජී හත සමුළුවේ දී විශේෂයෙන් අවධානය යොමු විය යුත්තක් බවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ප්‍රකාශ කළේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගැටලුව දේශපාලන වාසි සදහා යොදා ගන්නා බවයි.
අභ්‍යවකාශ පර්යේෂණ සදහා වූ ජාතික ආයතනය ප්‍රකාශයට පත් කරන ලද චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ බ්‍රසීලයේ ඇතිවූ ලැව් ගිනි සංඛ්‍යාව මෙම වසරේ සියයට අසූපහකින් වැඩීවී ඇති බවයි.