fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:08

තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා

තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය එම් එච් අබ්දුල් හලීම් මහතා පවසනවා. තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආදේශකයින් ලෙස වසර ගණනාවක් සේවය කළ අය තැපැල් සහායකයින් ලෙස බදවා ගැනීම සිදුකෙරුණා. ඒ අමාත්‍ය එම් එච් අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ආදේශක සේවකයින් 75 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් ප්‍රදානය කෙරුණා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්