ප්‍රවීණ සාහිත්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා රචිත සොදුරු සැරිසර රම්‍ය සාගරය දිගේ හා සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ චාරිකාලංකාර කෘති එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සිදුකෙරුණා.
මෙම කෘති එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යන මහත්වරුන් ද විද්වතුන්, කලාකරුවන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම උත්සවය අවසානයේ සංවාද මණ්ඩපයක් ද පැවැත්වුණා. මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා එය මෙහෙය වූ අතර බිම්සරා ප්‍රේමරත්න, වෛද්‍ය ජයන්ත බලවර්ධන හා මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඊට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/o4-5Via4_h8″]