fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසීයාවේ පැපුවා නිව්ගිනියාහි අන්තර්ජාල පහසුකම් අවහිර කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 15:02

ඉන්දුනීසීයාවේ පැපුවා නිව්ගිනියාහි අන්තර්ජාල පහසුකම් අවහිර කෙරේ

ඉන්දුනිසීයාවේ පැපුවා නිව්ගිනියාහි ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දින කිහිපයක සිට පවතින විරෝධතා මේ වන විට උග්‍ර අතට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බටහිර පැපුවා නිව්ගිනියා ප්‍රදේශයේ මෙම තත්වය උග්‍ර වී තිබෙනවා. එම කලාපයේ අඛණ්ඩව පැවැති විරෝධතා සහ රාජ්‍ය ආයතන සුරක්ෂිත කර ගැනීමට රජය අතිරේක හමුදා සහ පොලිසිය යෙදවීමට කටයුතු කිරීමත් සමඟයි මෙම විරෝධතා ආරම්භ වුණේ. මේ වන විට ඉන්දුනිසීයවේ ජකර්තා අගනුවරටත් විරෝධතාකරුවන් රැස්ව ඇති බවයි වාර්තා වන්නේ. එරට තොරතුරු අමාත්‍යවරයා සඳහන් කළේ ගැටලුව නිරාකරණය වන තෙක් නව තීරණය ක්‍රියාත්මක බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්