fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙල්ලන්විල ඇසල පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 14:21

බෙල්ලන්විල ඇසල පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

67 වන බෙල්ලන්විල ඇසල පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා තිබෙනවා. මහරගම දෙහිවල මාර්ගයේ රථවාහන ගමනාගමනය හෙට (23) අලුයම 1.30 දක්වා සීමා කර තැබීමටයි කටයුතු කෙරෙන්නේ.

බෙල්ලන්විල ඇසල පෙරහර නැරඹීම සදහා විශාල ජනතාවක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. පෙරහර ගමන් මග සී සි ටී වී කැමරා ඔස්සේ පටිගත කිරීමට කටයුතු යොදා තිබෙන බවයි පොලිසිය සදහන් කළේ. මහරගම දෙහිවල බස් මාර්ගයේ බොරලැස්ගමුව නගරය හා බෙල්ලන්තර හන්දිය දක්වා රථවාහන ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

ඒ වෙනුවට මහරගම, පිළියන්දල, කොළඹ  සිට දෙහිවල දෙසට ගමන්  ගන්නා වාහන පැපිලියාන මංසන්ධියෙන් නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්