fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මගී ප්‍රවාහන බෝට්ටු සේවය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ (Photos)

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 12:18

මගී ප්‍රවාහන බෝට්ටු සේවය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ (Photos)

කිසිදු සැළැස්මක් නොමැතිව ගොඩනැගුනු කොළඹ නගරය සිංගප්පූරුව මෙන් ලෝකයේ අලංකාර නගරයක් බවට පරිවර්ථනය වෙමින් තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිරි වසර 05 තුළ දේශීය සහ විදේශීය ආයෝජන රටට එක් කිරීම වෙනුවෙන් එම අලංකරනය සිදු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

බෙරේවැව  මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්. කොළඹ නගරයේ මාර්ග තදබදයට විසදුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරෙ වැව මගී ප්‍රවාහන සේවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වනවා. කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා බස් රථයකින් ගමන් කිරීමට විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර නව සේවාව මගින් ඒ සදහා ගත වන කාලය විනාඩි 10 ක්. මේ මාසය තුළ මගී ජනතාවට නොමිලේ සේවය ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. නාවික හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මක යාත්‍රා සේවය සියලු ආරක්ෂක විධිවිධානවලින් සමන්විතයි. අග්‍රාමාත්‍යවරයා බෝට්ටු අංගනය විවෘත කිරීමෙන් පසු ප්‍රථම ගමන්වාරයට එක්වීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට සාගල රත්නායක, ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්