fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ශ්‍රී ලංකා‍ දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 11:48

නවසීලන්ත ශ්‍රී ලංකා‍ දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා සහ නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත වේලාවට ආරම්භ කිරිමට නොහැකි වී තිබෙනවා.  ඒ හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලිමද සිදු කිරිමට හැකි වුයේ නැහැ.

වර්ෂාව නිසා තරගය පැවැත්විමට නියමිත පී සරා ඕවල් ක්‍රිඩාංගනය මේ වන විටත් සම්පුර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා. අද (22) දින ශ්‍රී ලංකා සංචිතයට දිල්රුවන් පෙරේරා කැදවා ඇති බව වාර්තා වනවා. ඔහුට ගල්ලේ පැවති ටෙස්ට් තරගය අහිමි වුයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්. පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වී සිටින අකිල ධනංජය වෙනුවට ඇතැම් විට දිල්රුවන් ක්‍රිඩා කරනු ඇති. කෙසේ වෙතත් ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වුවද අකිල ධනංජයට දෙවන ටෙස්ට් තරගය සදහා ක්‍රිඩා කිරිමේ හැකියාව පවතිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 11:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්