පැරෂුට් අනතුරෙන් මියගිය යුද හමුදා සාමාජිකයාගේ දේහය ඒ මහතාගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද (22) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
අම්පාර උහන යුද හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක යෙදෙන අතරතුර පැරෂුටය නිසි ලෙස ක්රියාත්මක නොවීමෙන් යුද හමුදා විශේෂ බළකායේ එච් කේ සී කුමාර ජීවිතක්ෂයට පත් වුණේ පසුගියදායි.
ඔහුගේ දේහය කඹුරුපිටිය ඕවිටිගමුව ප්රදේශයේ පිහිටි නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දෙදරු පියෙකු වන ඔහුගේ බිරිද අටමස් ගැබිනියක්. පවුලේ වැඩිමලා වූ ඒ මහතාගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියද ආරක්ෂක අංශවලට සම්බන්ධ අය වීම විශේෂත්වයක්.