මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන මස පස්වනදා දක්වායි.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක සහ සැකකරුවන් දහතුන් දෙනෙකු අද (22) යළි ඉදිරිපත් කෙරුණේ මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණයටයි. මාවනැල්ල පොලිසිය, රාජ්ය බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ විමර්ශනවලින් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
සිද්ධියට අදාළ වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට ගැනුණු අතර ඒවා ද අධිකරණයට ඉදිරිපත් කෙරුනා.