fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:35

සුඩානයේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

​සුඩානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්දෙල්ලා හැම්ඩොක් දිවුරුම් දුන්නා.

දිගුකාලිනව සුඩානය පාලනය කළ ජනාධිපති ඔමර් අල් බෂීර් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කෙරුණා. ඒ සුඩාන හමුදාව සහ ජනතාව ගෙන ගිය දැවැන්ත විරෝධතාවන්හි ප්‍රතිඵලයක් ලෙසයි. එරට නව පාලනය සඳහා ස්වෛරීය කවුන්සිලයක් පත් කර ඇති අතර ඒ සඳහා හමුදා සහ සිවිල් සාමාජිකයින් 11 දෙනෙකු පත් කෙරුණා. ඉන් අනතුරුවයි අබ්දෙල්ලා හැම්ඩොක් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කර ගත්තේ. සුඩාන මැතිවරණය පැවැත්වෙන තෙක් වසර තුනක කාලයක් මෙම පාලක මණ්ඩලය විසින් සුඩානය පාලනය කෙරෙනු ඇති. සුඩාන නව කැබිනට් මණ්ඩලය ඉදිරියේදී දිවුරුම් දෙන බව නව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. සුඩානයේ ආර්ථික ගැටලු සහ දුප්පත්කම තුරන් කිරිමට කටයුතු කරන බව නව අගමැතිවරයා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්