fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර ලක්ෂ පහකට අධික භූමි ප්‍රමාණයක් විනාශවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:16

බොලිවියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර ලක්ෂ පහකට අධික භූමි ප්‍රමාණයක් විනාශවෙයි

බොලිවියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට හෙක්ටයාර ලක්ෂ පහකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

ලැව් ගිනි හේතුවෙන් බොලිවියාවේ සැන්ට්‍රාකෘෘස් ප්‍රදේශය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. ගින්නෙන් 70%ක පමණ ප්‍රදේශයක් දරුණු ලෙස ගිනිගෙන තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් සත්ව විශේෂ පන්සියයකට අධික ප්‍රමාණයක්ද දැඩි අවදානමකට මුහුණ පා ඇති බව සඳහන්. ලැව් ගිනි පාලනය කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව බොලිවියා ජනාධිපති එවෝ මොරාලිස් සඳහන් කරනවා. ගිනි නිවීම සදහා මේ වන විටත් ගුවන් යානා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්