බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
බගවන්තලාව පොලිසිය වැටලීම සිදුකළේ චැපල්ටන් වත්ත ප්‍රදේශයේ. ඔවුන් ළඟ තිබී උපකරණ තොගයක් ද සොයා ගැනීමට හැකි වුණා. සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.