බේරේ වැව මඟී ප්‍රවාහන බෝට්ටු සේවය අද (22) සිට ආරම්භ වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්වනවා. කොළඹ නගරය තුළ මාර්ග තදබදයට විසදුමක් ලෙස වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථා සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ.
පළමු මාසය තුළ ජනතාවට නොමිලේ ප්‍රවාහන සේවා සැළසීමයි අරමුණ. වායු සමනය කළ බෝට්ටු දෙකක් ඒ සඳහා යොදවා තිබෙනවා. නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව තවත් ව්‍යාපෘ ති කිහිපයක් ආරම්භ කිරිමයි සැළැස්ම. කැලණි ගඟ සහ හැමිල්ටන් ඇළ මුලික කරගනිමින් මඟි ප්‍රවාහන බෝට්ටු සේවා ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.