fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බකරුවන්ගේ රුපියල් ලක්‍ෂ 20ක් අධිකරණයේ තැන්පත් කරන ලෙස නියෝග

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 18:48

බෝම්බකරුවන්ගේ රුපියල් ලක්‍ෂ 20ක් අධිකරණයේ තැන්පත් කරන ලෙස නියෝග

මොහොමඩ් සහරාන් සමග ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ අනෙක් පුද්ගලයා වන ඉන්ෂාම් අහමඩ් නමැත්තා ලබා දුන් බව කියන රුපියල් ලක්‍ෂ 20 ක මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

පෞද්ගලික බැංකුවක එම මුදල තැන්පත් කර ඇත්තේ මොහොමඩ් මුතායිල් නමැත්තායි.

එම මුදලින් රුපියල් හය ලක්‍ෂ පනස්දහසක් මුතායිල්ගේ බිරිඳ වන ෆාතිමා ඊබ්‍රහිම් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ඔක්තෝබර් 16 වනදාට කල් තැබුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්